ඊශ්‍රායලයේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකු දිවයිනට පැමිණීම සඳහා ඉල්ලීම් සිදු කර නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

නිවාඩුව ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට යාමට සිටින පුද්ගලයින්ට නැවත දැනුම්දෙන තුරු නොයන ලෙසට දන්වා ඇති බවයි ඊශ්‍රායල ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

නැවත දැනුම්දෙන තුරු ශ්‍රී ලාංකිකයින් ඊශ්‍රායලය වෙත නොඑවන ලෙස ද දැනුම්දුන් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.