Published
ඊශ්‍රායලය වෙත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එහි සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසුවේ ඊශ්‍රායලය හා ඉරානය අතර ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි.
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු කර ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.