Published
ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාල රැකියා සඳහා අද දිනය තුළදී පමණක් ශ්‍රි ලාංකිකයින් 148 දෙනෙකු පිටත්ව යාමට නියමිතයි.
මෙම පිරිස එම රැකියා හිමිවූ 06 වන කණ්ඩායම වන අතර ඔවුන් කාණ්ඩ තුනක් යටතේ මෙරටින් පිටත්ව යාමට කටයුතු යොදා තිබෙනවා.
මෙම පිරිසත් සමගින් ඊශ්‍රායලයේ ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාලව ශ්‍රි ලාංකික තරුණයින් 413 දෙනෙකු සඳහා රැකියා අවස්ථා හිමිව ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ.
ඊශ්‍රායලයේ සාත්තු සේවා, ඉදිකිරීම් හා හෝටල් හා අවන්හල් යන ක්ෂේත්‍රවලට අදාළ රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට විවෘත වී ඇති අතර එම රැකියා සඳහා යොමුවීමට ලාංකික තරුණ තරුණියන්ගේ වැඩි උනන්දුවක් ඇතිවී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළා.