දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමූ උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පැවැත්වීම පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව අද දැනුම් දීමක් සිදුකළා.
ඒ අනුව උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ලබන සදුදා සිට 20 දක්වා පැවැත්වෙනවා.
පෙර කාලසටහනේ පැවති විභාග කටයුතු සිදු කරන වේලාවන් සංශෝධිත කාලසටහන තුළ ද නොවෙනස්ව පවතින බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවේ.
ආපදා තත්ත්වය හේතුවෙන් ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට නොහැකි සිසුන් සඳහා විදුහල්පතිවරයාගේ ද පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ප්‍රාදේශීය ලේකම්ගේ ද සහතිකයෙන් යුත් තාවකාලික හැඳුනුම්පතක් මගින් විභාගයට පෙනී සිටිය හැකි වනවා.
ආපදා තත්ත්වය බලපෑ ප්‍රදේශවලට දරුවන්ට විභාගයට මුහුණදීමේදී නිල ඇදුම අනිවාර්යද?
12 වසර සිසුන් සඳහා පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ජනවාරි 11 වැනිදා පැවැත්වීමට නියමිතයි.
මේ අතර මෙම වර්ෂයට අදාළව පාසල් සිසුන්ගේ නිල ඇඳුම් ලබා දීම ජනවාරි මාසයේදි සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ සදහා අවශ්‍ය රෙදි මීටර් මිලියන 11යි දශම 484ක් චීනය විසින් පූර්ණ ප්‍රදානයක් ලෙස මෙරටට ලබා දී තිබෙනවා.
මෙවර පාසල් නිල ඇඳුම් ලබා ගැනීම සඳහා ලක්‍ෂ 44 කට අධික සිසුන් ප්‍රමාණයක් හිමිකම් ලබනවා.




