සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද රාත්‍රී 07.00ට ආරම්භ වීමට නියමිතයි.

ඒ, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

තරග තුනකින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම පසුගියදා සමත් වුණා.

ඒ අනුව අද පැවැත්වීමට නියමිත තරගය ජයගතහොත් සංචාරක එංගලන්ත කණ්ඩායමට පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ජයද අත්වනවා.

කෙසේවෙතත් එම තරගාවලියේ ජය තමන් සතුකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට මහත් වගකීමකින් යුතුව ක්‍රිඩා කරනු ඇතැයි ක්‍රීඩා ලෝලීන් අපේක්ෂා කරනවා.