එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර හමුවක් සිදුව තිබෙනවා.

අද දහවල් කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකදී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා අදහස් පළ කළා.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් හෙට දිනයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.