එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.

ඒ, ලබන 23 වනදා සිට 26 වනදා දක්වායි.

2016 පෙබරවාරි මාසයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකා සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙය බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.