Published
වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඒ අනුව, ූඍ ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමේදී අංක තහඩුවේ අවසාන අංකය 0,2,4,6 සහ 8 නම් ඉරට්ටේ දිනවලත්, අවසන් අංකය 1,3,5,7 සහ 9 නම් ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කරනු ඇති.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් සහ රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ඉන්ධන ලබා ගැනීම සඳහා ූඍ කේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගනු ලැබුවේ පසුගිය 15 වනදා සිටයි.




