වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව අද දිනයේ සිට ූඍ කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මකයි.
ඒ අංක තහඩුවේ අවසාන අංකය 0,2,4,6 සහ 8 නම් ඉරට්ටේ දිනවල ඉන්ධන නිකුත් කරනු ලබනවා.
අංක තහඩුවේ අවසාන අංකය 1,3,5,7 සහ 9 යන අංක නම් ඔත්තේ දිනවල ඉන්ධන නිකුත් කරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.
නව ක්‍රමවේදය හේතුවෙන් අද දිනයේ වෙනදා මෙන් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට නොලැබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
මේ, කොළඹ සහ අවට ප්‍රදේශවල ක්‍ෂේත්‍ර චාරිකාවක නිරත වූ නෙත් නිවුස් වාර්තාකරු වසන්ත නිරෝෂන්.
මොරටුව සහ අවට ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව මේ වනවිට පවතින තත්ත්වය පිළිබදව සොයා බැලුවා නෙත් නිවුස් වාර්තාකරු දර්ශාන් කානිල් ප්‍රනාන්දු.
උතුරු පළාතේද ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පසුගිය දිනවල මෙන් දිගු පෝලිම් දක්නට නොලැබෙන බවයි වව්නියාව නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ.
ත්‍රිකුණාමලය සහ අවට ප්‍රදේශවල තත්ත්වය සොයා බැලුවා නෙත් නිවුස් වාර්තාකරු අමදෝරු අමරජීව.




