2026.01.31 දිනට ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල (5 සහ 6 ශ්‍රේණි හැර) පවත්නා පුරප්පාඩු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ්  අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා.

ඒ අනුව එම පුරප්පාඩු සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන සියලු ම අයදුම්කරුවන් 09/2026 චක්‍රලේඛයෙහි  සඳහන් අයදුම්පත්‍රය සම්පූර්ණ කළ යුතු වනවා.

එලෙස සම්පූර්ණ කරන අයදුම්පත් 2026.04.27 දිනට පෙර සියලු අතිරේක ලේඛන ද සමග අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලියාපදිංචි තැපෑල මඟින් යොමු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.