අයහපත් කාලගුණය හේතුවෙන් පවැත්වීමට නොහැකි වූ 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන්වලට අදාළ විභාග ලබන වසරේ ජනවාරි මස 12 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නෙත් නිවුස් වෙත කියා සිටියේ පළමුවර නිකුත් කළ කාලසටහනේ අනුපිළිවෙළ අනුව නව විභාග කාලසටහන සකස් කර ඇති බවයි.
ආපදාවට ලක්වූ ප්‍රදේශවල පදිංචිව සිටි විභාග අපේක්ෂකයින්ට මෙතෙක් විභාගයට පෙනී සිටි විභාග මධ්‍යස්ථානයේදීම විභාගයේ ඉතිරි කොටසට පෙනී සිටීමට නොහැකි නම් එවැනි සිසුන්ට පහසුකම් සැලසෙන ආකාරය මෙහිදී පැහැදිලි කෙරුණා.
අයහපත් කාලගුණය හේතුවෙන් විභාග ප්‍රවේශපත්‍රය හෝ හැඳුනුම්පත් අස්ථානගත වී ඇත්නම් එවැනි විභාග අපේක්ෂකයින් ක්‍රියාකළ යුතු ආකාරය කෙසේද? විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ඒ සම්බන්ධයෙන්ද කරුණු දැක්වූවා.
එසේම ඇති වූ ආපදා තත්වය හේතුවෙන් විභාග ප්‍රවේශපත්‍රය අස්ථානගත වී ඇති විභාග අපේක්ෂකයන්හට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ප්‍රවේශපත්‍රය බාගත කර ගත හැකි බවද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවා.




