කළුතර නාගොඩ රෝහලේ 14 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ අද පෙරවරු 6.05 ට පමණ ඔහු එලෙස වෙඩි ප්‍රහාරයට ලක් ව තුවාල ලබා ඇති බවයි.

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම රැඳවිය එලෙස වෙඩි ප්‍රහාරයට ලක් ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂණ ක්‍රියාත්මකයි