රාත්‍රී සේවයේ යෙදී සිටි රථවාහන පොලිස් නිලධාරියෙකුට හමුවූ මහ මඟ වැටී ගොස් තිබූ මුදල් සහිත මුදල් පසුම්බියක් නැවත එහි හිමිකරු සොයා බාර දුන් පුවතක් මැදවච්චිය පොලිසියෙන් වාර්තා වනවා
පෙරේදා සවස රාත්‍රී 7.45ට පමන කැබිතිගොල්ලැව කොට්ඨාස රථවාහන අංශයට අනුයුක්තව සේවය කරනු ලබන එස්.එස්. චන්ද්‍රසේකර මහතා මැදවච්චිය ,වහමලුගොල්ලෑව ප්‍රධාන මාර්ගයේ රථවාහන පරික්ෂාවේ නිරත වෙමින් එම මාර්ගයේ ගමන්ගත් අවස්ථාවේ බම වැටී තිබූ මුදල් පසුම්බියක් දැක තිබෙනවා.
පසුව තමා සමග ඒ මොහොතේ රාජකාරි සිදුකළ අනිත් නිලධාරියා වූ සෙනවිරත්න මහතා සමග එය පරික්ෂාකර තිබෙනවා.
එහි මුදලින් රුපියල් 11,800 ක් සහ ජාතික හැදුණුම්පත, වලංගු රියදුරු බලපත්‍රය තිබී ඇති අතර මේ බව තම කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපති මහේෂ් මහතා දැණුවත් කර තම මුහුණු පොතේ මේ මුදල් පසුම්බිය හමු වූ බව සඳහනක් දමා හිමිකරු සොයා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා
ඒඅනුව මුදල් පසුම්බියේ හිමිකරු එස්.එස්. චන්ද්‍රසේකර මහතා හමු වී ඇති අතර එම මුදල් පසුම්බිය බාර ගැනීමට මැදවච්චිය පොලිසිය වෙත පැමිණෙන ලෙස දන්වා ඇත.
ඒ අනුව අද දින කිවුලේකඩ, ගල්කදවැව , කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචි සීගිරිය ප්‍රදේශයේ හෝටලයක සේවය කළ මුදල් පසුම්බියේ හිමිකරු තම මදල් පසුම්බියේ තිබු මුදල් සහ ලිපිද්‍රව්‍ය තමාගේ බව තහවුරු කරමින් මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ඒ.ඒ.කේ.එස් අධිකාරි මහතා ඉදිරියේ දී එස්.එස්. චන්ද්‍රසේකර මහතාගෙන් මුදල් පසුම්බිය ලබා ගෙන තිබෙනවා.