යළිත් වරක් මේ වනවිට රටේම වැඩිම අවධානය අයහපත් වෙමින් පවතින කාලගුණය ගැනයි.

ඒ, බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම රතු වර්ණයෙන් යුත් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුළදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි.

ගැඹුරු පීඩන අවපාතය දැන් තියෙන්නේ කොතනද? නෙත් නිවුස් මීට නොබෝ වේලාවකට පෙර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහගෙන් විමසුවා.

වැඩිම වැස්ස කුමන ප්‍රදේශවලද?

මෙම පද්ධතිය රටට ඇතුළු වෙන්නේ කොතනින්ද? කීයටද? මේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා.