නිමාවට පත්වූ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්ගෙන් සමන්විතව ලෝක කුසලානයේ 20යි 20 කණ්ඩායම අද ප්‍රකාශයට පත් කලා.

ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් සමන්විත එහි ඉන්දීය ක්‍රීඩකයින් 05 දෙනෙකු ඇතුලත්.

සිම්බාබ්වේ ක්‍රිඩකයෙකු පවා ඊට ඇතුළත් වුවද කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ලෝක කුසලානයේ 20යි 20 කණ්ඩායමට නම් කර නැහැ.

ඉන්දියාවෙන් සංජු සැම්සන්, ඉෂන් කිෂන්, හර්දික් පාන්ඩ්යා, ශිවම් ඩුබේ හා ජස්ප්‍රිට් බුම්රා ඊට ඇතුලත්.

දකුණු අප්‍රිකාවේ නායක ඒඩ්න් මාක්‍රම් මෙම කණ්ඩායමේ ද නායකයායි. දකුණු අප්‍රිකාවේ ලුංගි න්ගිඩිද මෙම කණ්ඩායමට ඇතුලත්.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ශිම්රොන් හිට්මැයර් හා ජේස්න් හෝල්ඩර් කුසලානයේ 20යි 20 කණ්ඩායමට නම් කර තිබෙනවා.

එංගලන්තයෙන් විල් ජැක් හා ඇඩිල් රෂීඩ් කණ්ඩායමට නම් වුවද ලෝක අනුශූරයින් වූ නවසිලන්තයේ කිසිදු ක්‍රීඩකයෙක් ද ඊට ඇතුලත් ව නැහැ.

12 වන ක්‍රීඩකයා ලෙස සිම්බාබ්වේ හි බ්ලෙසින් මුසරබානි නම්කර තිබෙනවා.

මෙරව 20යි 20 ලෝක කුසලානයේ මෙම කණ්ඩායම නම් කර ඇත්තේ ලෝක ප්‍රකට ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රික් ඉන් ෆෝ වෙබ් අඩවියයි.