Published
ජාතික ජන බලවේගය බලය දරන කොළඹ නගරසභාවේ අය වැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා
ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමිව ඇති අතර, විපක්ෂව හිමිවූයේ ඡන්ද 56ක් පමණයි.
නගරාධිපතිනිය වූ ව්රායි කැලී බල්තසාර් විසින් මුලින්ම ඉදිරිපත් කරනු ලැබුවේ දෙසැම්බර් මස 22 දා වන අතර එහිදී එය පරාජයට පත්වුණි.
එම අවස්ථාවේ දී ඡන්ද 03කින් පරාජයට පත් වූ අතර පක්ෂව ඡන්ද 57ක් සහ විපක්ෂව ඡන්ද 60ක් ලැබී තිබිණි.
එවන් පසුබිමක අද දිනයේදී යළිත් වරක් කොළඹ මහ නගර සභාවේ අයවැය නගරාධිපතිනි ව්රායී කැලී බල්තසාර් මහත්මිය විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවැනිවරට පැවති ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්ද 2කින් සම්මත විය


