අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ වන විට සමාජයේ කතාබහට ලක්වන මාතෘකා කිහිපයක් පිළිබඳ ආණ්ඩුවේ පාර්ශවයෙන් ප්‍රශ්න කෙරුණා.
ඒ අතරින් ප්‍රධාන මාතෘකාවක් වූයේ හෙට පැවැත්වෙන කොළඹ මහනගර සභාවේ අයවැය දෙවන වර කියවීමයි.
මාධ්‍යවේදීන් එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කළේ හෙට දිනයේ පැවැත්වෙන අයවැය දෙවනවර කියවීමත් පරාජයට පත් වුවහොත් සිදු කරන්නේ කුමක්ද යන්න පිළිබඳවයි.
මේ වන විට දේශපාලන වේදිකාවේ තවත් උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇත්තේ විගණකාධිපතිවරයෙකු මෙතෙක් පත් නොකිරීම පිළිබඳවයි.
ඒ සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රශ්න කෙරුණා.
මේ අතර, ජනවාරි පළමුවනදා සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කළා.
මේ අතර, රාමසාන් උපවාස සමයේදී නොමිලයේ බෙදා හැරීම සඳහා ගෙන්වනු ලබන රටඉඳි සඳහා නොමිලේ බදු සහන ලබා දීම සඳහා ඉදිරිපත් වූ කැබිනට් යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මෙරට රාමසාන් උපවාස සමය ජනවාරි 19 වනදා සිට මාර්තු 31දක්වා පැවැත්වෙනවා.


