කුෂ්” මත්ද්‍රව්‍ය හා සමාන මත්ද්‍රව්‍යයක් සිය ගමන් මල්ලෙහි සගවා ගෙන, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලෙහි රුපියල් කෝටියක් පමණ වටිනා එම මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 10 ක ප්‍රමාණයක් තිබූ බවයි පොලීසිය පැවසුවේ.
සැකකරු කොළඹ - 12 ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වනවා.
ඔහු මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
සැකකාර ව්‍යාපාරිකයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රදවා තබා ගෙන ප්‍රශ්ණ කිරීමට කටයුතු කරන බවද පොලීසිය වැඩිදුරටත් සදහන් කළා.



