රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුත් හෑෂ් මත්ද්‍රව්‍ය සහ කුෂ් මත්ද්‍රව්‍ය සන්තකව සිටි කාන්තාවක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බොරලැස්ගමුව, නිර්මල මාවත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.

එහිදී සැකකාර කාන්තාව සතුව තිබි හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 17 ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 400 ක් සොයාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාර කාන්තාව 31 හැවිරිදි බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

සැකකාරිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඇය වරෙන්තු 4ක් නිකුත් වී සිටි තැනැත්තියක් බවයි.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.