පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට බල කරමින් අද පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුණා.

ඒ, සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසකගේ සහභාගිත්වයෙන්. ඔවුන් කියා සිටියේ ජාතිවාදය අවුස්සන ප්‍රකාශ සිදු කර ඇති බැවින් උදය ගම්මන්පිල මහතා වහා අත්අඩංගුවට ගත යුතු බවයි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාද අදහස් පළ කළා.

දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවද උදය ගම්මන්පිල මහතා එහිදි කියා සිටියා.