Published
“පුනරුදයට මග” වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජිවන තත්ත්වය උසස් කරමින් ගමනා ගමන පහසුකම් පුළුල් කිරීම සදහා ග්‍රාමීය මාර්ග 76 ක් සංවර්ධනය කිරීම අද ආරම්භ කෙරුණා.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන එම ව්‍යාපෘතියේ පළමු අදියර සදහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 5,000 ක්.
ගම්මාන අතර සම්බන්ධතා ශක්තිමත් කිරිම, වෙළදපොල සහ අත්‍යවශ්‍ය සේවා වෙත පහසු ප්‍රවේශය සැලසීම, ග්‍රාමීය ආර්ථික ශක්තිමත් කිරීම ආදි අරමුණු ඉටුකර ගැනීම එම වැඩසටහනෙන් අපේක්ෂා කෙරෙනවා.
මේ අතර මෙතෙක් බස් රථ ධාවනය නොවූ ග්‍රාමීය මාර්ග 40ක බස් රථ සේවා අද සිට ආරම්භ කෙරුණු බවයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පැවසුවේ.




