නුවරඑළිය ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට ගිය සී ගුවන් යානයක් අද(07) දහවල් 12:30ට පමණ ග්‍රෙගරිවැවේ කඩා වැටීමෙන් එම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කල බව නුවරඑළිය පොලිසිය පවසනවා.

එම ගුවන් යානය නුවරඑළියට පැමිණ සිටින සංචාරකයන් පිරිසක් රැගෙන යැමට පැමිණි අවස්ථාවේ මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙසේ අනතුරට පත් වී ඇත්තේ සිනමන් එයා සෙස්නා වර්ගයේ ගුවන් යානයකි.

ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ජලාශයේ බෝට්ටු සංචාරයේ යෙදෙන පිරිස් විසින් මුදවාගෙන තිබෙනවා.

ගුවන් අනතුරින් තුවාල ලබා රෝහල් ගත කල ගුවන් නියමුවන් දෙදෙනාගේ තත්වය බරපතල නොවන බවයි නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් ජයසූරිය මහතා පැවසුවේ.