ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.

ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා සිටින අංශයේ තිබී මෙම ජීව උණ්ඩ සොයාගෙන තිබෙනවා.

මිලිමීටර් 09 ප්‍රමාණයේ ජීව උණ්ඩ 05ක් මෙලෙස සොයාගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඒවා පාර්සලයක් සකස් කර තිබුණු බව ද, එම පාර්සලය බන්ධනාගාර තාප්පයෙන් ඇතුලට විසිකර ඇතැයි සැක කෙරෙන බව ද බන්ධනාගාර ආරංචි පැවසුවා.

කෙසේවෙතත් මෙම ජීව උණ්ඩ මෙලෙස බන්ධනාගර පරිශ්‍රය වෙත විසිකර ඇත්තේ කවුරුන් වෙත ලබාදීමටදැයි තවමත් හදුනාගෙන් නැහැ.

ඒ පිළිබද බන්ධනාගාර බලධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර කාලයක් තිස්සේ ගැටුම් පවතින ‘කරන්දෙනිය සුද්දා‘ සහ ‘ලොකු පැටී‘ යන සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනාගේම ආධාරකරුවන් ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් කියා සිටියේ.

මෙම දෙපාර්ශවය අතර ඉකුත් සමයේ අවස්ථා කිහිපයකදී බන්ධානාගරාය තුළදී ද ගැටුම් ඇති වුණා.

එවැනි තත්ත්වයක් තුළ බන්ධනාගාර පරිශ්‍රයේ තිබී මෙලෙස ජීව උණ්ඩ හමුවීම බන්ධනාගාරයේ ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු‍වක්.

සොයාගත් ජීව උණ්ඩ මේ වනවිට බන්ධනාගාර අධිකාරීවරයාගේ භාරයේ පවතිනවා

මෙම ජීව උණ්ඩ බන්ධනාගාර පරිශ්‍රයට රැගෙන විත් ඇත්තේ කිසියම් අපරාධයක් බවටයි සැක කෙරෙන්නේ. නෙත් බැලුම්ගල මේ පිළිබද දීර්ඝ අනාවරණයක් කළා.