Published
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේවෙතත් තද වැසි ඇතිවීමේ සම්භාවිතාව තවදුරටත් පවතින බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ.
වැසි ඇතිවීමේ අවදානම තවදුරටත් පවතින බැවින් අනතුරු ඇගවීමේ නිවේදන පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන ලෙසටයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවට දැනුම් දුන්නේ.
මේ වනවිට වාර්තා වන වාර්තා වන පරිදි මෙම ගැඹුරු පීඩන අවපාතය හෙට සවස් කාලයේදී රටට ඇතුලුවිය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරන්නේ.
අද පස්වරුව වනවිට එය ස්ථාපිතව ඇත්තේ මඩකලපුවේ සිට කිලෝ මීටර් 150ක් පමණ නැගෙනහිර දෙසින්.




