Published
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් අද ප්‍රදේශ රැසකට තද සුළං ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
තද වැසි සමග ඇතිවන තද සුළං අද, හෙට සහ අනිද්දා යන දිනවල අපේක්ෂා කෙරෙනවා. මෙම තද සුළං ඇතිවිය හැකි බවට අනතුරු අගවා ඇත්තේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, සබරගමුව, බස්නාහිර, දකුණ, ඌව, වයඹ සහ මධ්‍යම යන පළාත්වලටයි.




