ගෑස් සිලින්ඩර 80,000 ක් අද දිනයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ ඊයේ පමණක් ගෑස් සිලින්ඩර 80,000ක් වෙළෙඳපොළට නිකුත් කළ බවයි.

මේ අතර අද දිනයේ දී ගෑස් මේට්‍රික් ටොන් 3,700ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත අතර, ලබන 26 වනදා ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් නැවක් ද, 28 වනදා මෙට්‍රික් ටොන් 3700ක් රැගත් ගෑස් නැවක් ද දිවයිනට පැමිණීමට නියමිතයි.

මේ අතර වෙළදපොළ තූළ මතු ඇති ගෑස් හිගය ඉදිරි දින කිහිපය තුළදි අවසන් වනු ඇතයි වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ.