Published
බුත්තල, මහගොඩයාය ප්‍රදේශයේදී ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බුත්තල පොලිසිය මගින් සිදු කළ වැටලීමකදීයි. බෝර දොළහ වර්ගයේ ගිනි අවියක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් එහිදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු මහගොඩයාය ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බුත්තල පොලිසිය මගින් ක්‍රියාත්මකයි.




