දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් හා අනෙකුත් උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම පිළිබද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කළේ මේ වන විටත් රාජ්‍ය සේවයේ සිටින 2023 වසරේ පෙබරවාරි මස 10 දිනට වයස අවුරුදු 45ට නොවැඩි සහ උපාධි සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන්ට මේ සදහා අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි.
එමෙන්ම 2023 වසරේ පෙබරවාරි මස 10 දිනට වයස අවුරුදු 40ට අඩු, උපාධි සුදුසුකම සම්පූර්ණ කළ, රාජ්‍ය සේවයේ නිරත නොවන උපාධිධාරීන් සදහා ද මේ සදහා අවස්ථාව පවතිනවා.
2023 වසරේ පෙබරවාරි මස 10 දිනට වයස අවුරුදු 40ට අඩු, උපාධි සුදුසුකම සම්පූර්ණ කළ, එදිනට පසු රාජ්‍ය සේවයේ පත්වීම් ලබා මේ දක්වා සේවයේ නිරත වන නිලධාරින්ට ද මේ සදහා අවස්ථාව පවතින බව එහි සදහන්.
2023 වසරේ පෙබරවාරි මස 10 දිනට වයස අවුරුදු 40ට අඩු, උපාධි සුදුසුකම සම්පූර්ණ කර එදිනට රාජ්‍ය සේවයේ නිරත වුවද මේ වන විට විධිමත් අනුමැතියකින් එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇති නිලධාරීන්ට ද මේ සදහා අවස්ථාව පවතිනවා.
2023 වසරේ පෙබරවාරි මස 10 දිනට වයස අවුරුදු 40ට අඩු, ඒ වන විටත් රාජ්‍ය සේවයේ තනතුරක් දරන එදිනෙන් පසු උපාධි සුදුසුකම ලැබූ රාජ්‍ය නිලධාරින්ට ද මේ සදහා අවස්ථාව පවතින බවයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.
දැනටමත් අයදුම්පත් යොමු කළ පිරිස් මේ වන විටත් රාජ්‍ය සේවයේ නිරත වන්නේ නම්, නැවත අයදුම් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.




