Published
83 වන ජාතික මල්ලවපොර ශූරතාවලියේදී පිරිමි සහ කාන්තා අංශ දෙකෙහිම ශූරතා දිනා ගනිමින් ශ්රී ලංකා ගුවන් හමුදාව ඓතිහාසික ද්විත්ව ජයග්රහණයක් සනිටුහන් කළා.
එම තරගාවලිය පසුගිය 21 වනදා සිට ඊයේ දිනය දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදී පැවැත්වුණා.
මෙම ජාතික ශූරතාවලිය සඳහා රට පුරා ප්රමුඛ කණ්ඩායම් 10ක් සහභාගී වූ අතර පිරිමි හා කාන්තා අංශ දෙකෙහිම මල්ලවපොර ක්රීඩක ක්රීඩිකාවන් 170 දෙනෙකු තරඟ වැදුණා.
පිරිමි අංශයේදී ශ්රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම මුළු ලකුණු 34.5ක් ලබා ගනිමින් වසර 25කට පසු ජාතික ශූරතාවය නැවතත් දිනා ගනු ලැබුවා.
ගුවන් හමුදා කාන්තා කණ්ඩායම අඛණ්ඩව 13 වන වරටත් ශූරතාවය දිනා ගනිමින් ලකුණු 51ක් සමඟ සමස්ත ශූරතාවය හිමිකර ගැනීම විශේෂත්වයක්.




