ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම-සත්කාරකත්වය දරනු ලබන මෙවර ෂක්‍ක් පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ කුසලානය, පැරෂුට් මාර්ගයෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට අද ගොඩබැස්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිට පෙරවරු 8යි 30ට පමණ ගමන් ඇරඹු එම කුසලානය රැගත් රථ පෙරහැර තවත් නොබෝ වේලාවකින් රත්මලාන ගුවන් හමුදා කදවුර වෙත ළගාවීමට නියමිතයි.
ඒ අතරතුර ක්‍රීඩා ලෝලීන්ට මෙම රන් කුසලානය සමීපව දැකබලා ගැනීමට අවස්ථාව සලසා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.
ඉන් අනතුරුව පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ කුසලානය පස්වරු 1යි 30ට පමණ වයි 12 වර්ගයේ ගුවන් යානයකින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වෙත ගමන් ආරම්භ කරන බවයි ගුවන් හමුදාව පැවසුවේ.
අදාළ ගුවන් යානයෙන් පැමිණෙන ගුවන් හමුදා පැරෂුට් භටයන් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පස්වරු 1යි 45 ට පමණ එම කුසලානය රැගෙන එම ක්‍රීඩාංගණයට ගොඩ බැසීමට නියමිතව තිබෙනවා.
මේ අතර සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතයි.
එම තරගාවලියට තරග තුනක් අයත් වන අතර දිවා රාත්‍රී තරග ලෙස සියලු තරග පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.
සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කෙරුණා.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.
ධනංජය ද සිල්වා එම සංචිතයට ඇතුළත් කර සිටීම ද විශේෂත්වයක්.
දෙරට අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක්ද පැවැත්වීමට නියමිත අතර ඊට තරඟ 03ක් අයත්.
ජනවාරි 30, පෙබරවාරි පළමුවනදා සහ පෙබරවාරි 03 වනදා එම තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.




