Published
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ ක්‍රීඩක උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස පත් කර තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන තරඟ, කාලසටහන් හා වාණිජ කටයුතු වැනි ගෝලීය කරුණු පිළිබඳ උපදෙස් ලබා දීම මෙම උපදේශක මණ්ඩලය වෙත පැවරෙනවා.
මෙම මණ්ඩලයට පත්කර කළ නව ක්‍රිඩකයින් අතර ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් ඉතාලි කණ්ඩයමේ වේන් මැන්ඩසන්, නවසීලන්ත කණ්ඩයේම ඩැරල් මිචෙල් සහ නවසීලන්තයේ මැඩී ග්‍රීන් යන ක්‍රිඩකයින් ඇතුලත්.
ලෝකයේ රටවල් 17ක ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25 දෙනෙකුගෙන් මෙම උපදේශක මණ්ඩලය සමන්විතයි.




