චීන විදේශ කටයුතු පිළිබද අමාත්‍ය වොන්ග් ඊ මහතා දිවයිනට පැමිණ තිබෙනවා. ඒ, එක් දින නිල සංචාරයක් සඳහායි. ඔහු සමග එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 17 දෙනෙකු ද අද අලුයම විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ. ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොන්ග් මහතා ඇතුළු එම තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියාව , ඕෂනියාව භාර අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්කෙ මහත්මිය ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස අද දහවල් කටුනායක ගුවන් තොටුපොළෙන් යළි චීනය බලා පිටත්ව යාමට නියමිතයි.