Published
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේදී අද පැවැත් වුණා.
මෙහිදී ජනාධිපති අවධාරණය කළේ ආර්ථික ජයග්‍රහණ ලබාගත් පමණින් රටක සංවර්ධනය ළඟා කර ගත නොහැකි බවත්, ඒ හා සමඟම සමාජ සංවර්ධනය හා දේශපාලන සංස්කෘතිය යන කුළුණු ත්‍රිත්වයම එකවර ඉහළට එසවිය යුතුව ඇති බවයි.
රටක් සංවර්ධනය කරා ගෙන යාමේදී තනි පුද්ගලයන් වශයෙන් සියලුදෙනාට අනන්‍ය වූ සමාජ වගකීමක් පැවරී ඇති බවත්, ඉලක්ක ළඟා කරගත හැකි වන්නේ එය සාමුහික ප්‍රයත්නයක් බවට පත් කර ගැනීම තුළින් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාර නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ උපායමාර්ගික වැදගත්කමින් යුත් ක්ෂේත්‍ර රජය යටතේ පවත්වාගෙන යන අතර රජයේ මූලික ප්‍රතිපත්ති මත පිහිටා අදාළ ආයතනවල ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි.