මේ වනවිටත් ඇතැම් ප්‍රදේශවලට තද වැසි ඇදහැළෙමින් පවතිනවා.

‘දිට්වා’ සුළි කුණාටුවේදීත් බොහෝ ජලාශ පිටාර ගැලුවා.

අද පස්වරුවේ රටට ඇතුළු වන පීඩන අවපාතයේ බලපෑමෙන් ඇතිවන වැසි හේතුවෙන් අවදානමක් ඇති විය හැකි ජලාශ තිබේද? මේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු එල්.එස්. සූරිය බණ්ඩාර මහතා.

හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීමටත් සූදානම්. මේ, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා.

මේ අතර මහවැලි සී සහ බී කලාප පෝෂණය කෙරෙන බදුල්ල දිස්ත්‍රික්කයේ ගිරාඳුරුකෝට්ටේ පිහිටි උල්හිටිය රත්කිඳ මහවැලි ජලාශයේ වාන් දොරටු 07න්, වාන් දොරටු තුනක් විවෘත කර තිබෙනවා.

ජලාශය භාර නේවාසික තාක්ෂණ නිලධාරී දීප්ත චන්දන ජයසේකර මහතා පැවසුවේ මෙම තත්ත්වය මත උල්හිටිය ඔය ප්‍රදේශය දෙපස වෙසෙන ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බවයි.

තවදුරටත් වැසි ඇදහැලුනහොත් වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැබේ යන ජලාශවල ජල මට්ටමද ඉහළ යාමේ අවධානමක් ඇති බව මහවැලි අධිකාරිය නිවේදනය කළා.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට ඊයේ පස්වරුවේ සුළු භූකම්පනයක් ඇති වුණා.

කෙසේවෙතත් ඉන් කිසිදු හානියක් සිදුව නැහැ.