Published
පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ප්‍රදේශවලට සිදු කිරීමට සැලැසුම් කර තිබූ පැය 24ක ජල සැපයුම අත්හිටුවීම පැය 18 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා.
එම මණ්ඩලය පැවසුවේ පාරිභෝගික ඉල්ලීම් සලකා බලමින් ජල සැපයුම අත්හිටුවීමේ කාලය අඩු කල බවයි.
කෙසේවෙතත් මීට පෙර සැලසුම් කරන ලද දිනයන් හා ප්‍රදේශවල කිසිදු වෙනසක් සිදු නොවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනය පහතින් දක්වා තිබෙනවා.





