ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ස්ථාවරත්වය සහ ඒ සඳහා වත්මන් රජය දැක්වූ කැපවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.
ඒ දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර පැවති හමුවකදීයි.
ඊයේ අරලියගහ මන්දිරයේදී එම හමුව සිදුව තිබෙනවා.
ස්වභාවික විපත්වලින් සිදුවූ හානි සහ පවතින ආර්ථික අභියෝග සාර්ථකව කළමනාකරණය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරමින් පවතින වැඩපිළිවෙළ පිළිබඳවද එහිදී සාකච්ඡාවට ලක්ව ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.
මෙම අවස්ථාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික ප්‍රධානී කළමණාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු ඉහල පෙලේ නියෝජිතයින් පිරිසක් ද එක්ව තිබෙනවා.
මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කලේ.




