Published
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙතෙක් තර්ජනයක් හෝ ගැටලුවක් මතුවී නොමැති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා.
ඇතැම් පිරිස් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සමාජය තුළ යම් කතිකාවක් ඇති කරමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
මෙරට මුහුදු සීමාව ආසන්නයේදී පසුගියදා ඉරාන නෞකාව එල්ලූ ප්‍රහාරයෙන් පසු රජය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා.
අදාළ ප්‍රහාරයෙන් මියගිය ඉරාන ආරක්ෂක නිලධාරීන්ගේ 84 දෙනාගේ මල සිරුරු එරටට ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා වැඩි දුරටත් පැවසුවේ.




