ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂකවරියගෙන් පෑනක් ඉල්ලා ගෙල බැදි රන්මාලය යතුරුපැදියකින් පැමිනි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කොල්ලකා පලා ගොස් තිබනවා.

පසුව අධ්‍යක්ෂකවරිය විසින් ඊයේ බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කරමින් සඳහන් කර සිටියේ රැකියාව නිමවා බස් රථයෙන් නැවත බණ්ඩාරගම දෙසට පැමිණ කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ඇලෝතියාව හංදිය අසලින් බැස රෙදි පිළි මසන වෙළඳ සැලකට ගොස් විනාඩි කිහිපයක් එහි රැඳී සිට සැමියාට දුරකථන ඇමතුමක් ලබා දී තමාව නිවසට රැගෙන යාමට ඇලෝතියාව හන්දියට පැමිණි ලෙස දැනුම් දුන් බවයි.

පසුව ඇය ඒ ආසන්නයේ පිහිටි දි රෙදි පිළි මසන ස්ථානයෙන් පිටතට පැමිණ සැමියා පැමිණෙන තෙක් ඇලොතියාව හන්දියේ රැඳී සිටිය බවත් එම අවස්ථාවේදී ඇලෝතියාව දෙස සිට ප්‍රධාන මාර්ගය දෙසට අංක තහඩු කිසිවක් නොමැති අලුත්ම ස්කූටර් යතුරුපැදියකින් නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඇය ආසන්නයට පැමිණ යතුරුපැදිය නැවතීමෙන් අනතුරුව එහි පිටුපස සිටි පුද්ගලයා පෑනක් තිබෙනවාදැයි විමසා ඇතැයි අධ්‍යක්ෂකවරිය කරන ලද පැමිණිල්ලේ සඳහන්ය

ඇය එම පුද්ගලයාට පෑනක් ලබා දීම සඳහා අත දරා සිටි ජංගම දුරකථනය බෑගයටදැමීමේදී යතුරුපැදියේ පිටුපස සිටි පුද්ගලයා එයින් බැස ඇය අසලට පැමිණ ගෙල පළඳා තිබූ රන්මාලය කඩා ගැනීමට උත්සාහ දරිමේදී පැමිණිලිකාරය විසින් මාලය අල්ලාගෙන ඇති අතර මාලයෙන් කොටසක්පමණක් එම පුද්ගලයා අතට පත් වී ඇතැයි පොලිසිය සඳහන් කර සිටියේ.

කොල්ලාකරුවන් දෙදෙනා කැස්බෑව දෙසට පලා ගිය බවත් යතුරු පැදියේ ගමන්කළ පුද්ගලයන් කළු අත් දිග ෂර්ට් ඇඳ කළු කලිසං හැඳ සිටිි බවත් නැවත දුටුවොත් හඳුනාගත හැකි බවත් ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන්ය

පැළඳ සිටි රන්මාලයේ සම්පූර්ණ වටිනාකම රුපියල් 450,000/= ක් බවත් කැඩී ගිය කොටසෙයි වටිනාකම 225,000/= වන බවත් අධ්‍යක්ෂකවරිය කරන ලද පැමිණිල්ලේ වෙඩි දුරටත් සඳහන් වන්නේ.