කොළඹ වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්රදේශයේ දී සහ කළුතර, වාඩියමංකඩ ප්රදේශයේ දී ඊයේ රාත්රියේ වෙඩි තැබීම් දෙකක් සිදුවුණා.
පොලිසිය පැවසුවේ මෙම වෙඩි තැබීම් සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් හතරක් යොදා ගනිමින් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
මෙම වෙඩි තැබීමවලින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්රදේශයේ දී කොන්ඩා කපන ස්ථානයක් තුළ සිටි පුද්ගලයින් කිහිප දෙනෙකුට නාඳුනන වෙඩික්කරුවෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබූ අතර, මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පස්දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා.
එහිදී එක් පුද්ගලයෙක් මියගොස් තිබූ අතර, මෙලෙස මියගොස් තිබුණේ වයස අවුරුදු 20 ක මන්නාරම, සිලාවතුර ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම වෙඩි තැබීමෙන් තුවල් ලැබූ අනෙක් පුද්ගලයින් සිව්දෙදෙනා 19, 27, සහ 28 යන වයස්වල පසුවන සිලාවතුර, ග්රෑපාස් සහ කොටහේන යන ප්රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.
මෙම වෙඩි තැබීම සඳහා ඔ-56 වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතැබීමම සිදුකර ඇති බවටයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
මේ අතර කළුතර උතුර පොලිස් වසමේ වාඩියමංකඩ ප්රදේශයේ නොම්බර 01 දුම්රිය නැවතුම්පොල මාර්ගයේදී ද ඊයේ රාත්රියේ වෙඩි තැබීමක් සිදුව තිබුණා.
එම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙක් නාගොඩ රෝහලට ඇතුළත් කර ප්රථිකාර ලබමින් සිටියදී මිය ගියා.
මෙලෙස මියගොස් ඇත්තේ වාඩියමංකඩ ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 32ක පුද්ගලයෙක්.




