මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වි තිබෙනවා.

ඒ, අම්බලන්ගොඩ කරිත්ත කන්ද ප්‍රදේශයේදී ට්‍රක් රථය දුම්රිය මාර්ගයට ලිස්සා ගොස් අනතුරක් සිදුවීම හේතුවෙන්.

ඒ අනුව දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

අනතුරට ලක් වූ ට්‍රක් රථය එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.