අමෙරිකා එක්සත් ජනපදය වෙත ආනයනය කරනු ලබන සියලුම භාණ්ඩ සඳහා පනවා ඇති තාවකාලික බදු අනුපාතය සියයට පහකින් යලිත් ඉහළ දැමීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව එම බදු ප්‍රමාණය සියයට 15 දක්වා ඉහළ යනු ඇති බවයි විදෙස් මාධ්‍යය වාර්තා කර තිබුණේ. අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු ජනාධිපතිවරයා විසින් මෙම පියවර ගෙන තිබෙන්නේ.

කෙසේ වෙතත්, පවතින නීතියට අනුව දින 150ක කාලයක් සඳහා මෙලෙස සියයට 15 දක්වා බදු පැනවීමට ජනාධිපතිවරයාට බලය පවතින බවයි එරට මාධ්‍ය වාර්තාකර ඇත්තේ.

ඊයේ දිනයේ අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ මෙම බදු අනුපාතය 10%ක් දක්වා ඉහළ දමන බවයි.