ගතවූ මාස 05 ක කාලය තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් දෙකකට ආසන්න ප්‍රමාණයක් මෙරට ආරක්‍ෂක අංශ විසින් නීතියේ රැහැනට හසු කර ගෙන ඇති බව මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ප්‍රදර්ශනාත්මක ලෙස මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන් ක්‍රියාත්මක නොකළද මත්ද්‍රව්‍ය මර්දනය සඳහා දැවැන්ත වැඩසටහනක් වත්මන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
එළඹෙන 26 වනදාට යෙදී ඇති මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙම අදහස් පළ කළා.
මත්ද්‍රව්‍ය ව්‍යසනය වැළැක්වීම සඳහා ජනතාව සමග බද්ධ වෙමින් මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔහු කරුණු දැක්වූයේ මෙලෙසයි.