Published
පුරාවස්තු හෝ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ජාතිවාදී ගැටුම් ඇවිළවීමට ඇතැමුන් උත්සාහ කළද උතුරේ, දකුණේ නැගෙනහිර හෝ කවර ප්‍රදේශයක, කිසිදු අන්දමකින් ජාතිවාදයට යළි ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
එමෙන්ම යුද්ධයෙන් අවතැන් වී සිටින සියලු ජනතාවගේ නිවාස ප්රශ්නය තම පාලන කාලය තුළ විසඳන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
යුද්ධයෙන් අවතැන්වූ උතුරු සහ නැගෙනහිර පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් නිවාස 2,500ක් ඉදිකිරීම ඇතුළුව රට පුරා නව නිවාස 31,218ක් ඉදිකිරීමේ “තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන - 2026 සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.





