තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මීටර් 1,500 ඉසව්වෙහි රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක රුසිරු චතුරංග අද සමත් වුණා.
එම ඉසව්වෙහි රිදී පදක්කම හිමිකර ගනු ලැබුවේ ද ශ්‍රී ලංකා ක්‍රීඩක වික්නරාජ් වොක්සන් විසින්.
මීටර් 1,500 කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නිමාලි ලියනාරච්චි සමත් වුණා.
මේ අතර වියට්නාමයේ පැවත්වෙනවයස අවුරුදු 23න් සහ 17න් පහළ ආසියානු මල්ලවපොර ශූරතාවලියේදි ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා නෙත්මි අහින්සා සමත් වුණා.
ඒ, කාන්තා වයස අවුරුදු 23න් පහළ ඉසව්වේ කිලෝග්‍රෑම් 57 බර පන්තියේ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින්.
උස්බෙකිස්තාන ක්‍රීඩිකාව පරාජයට පත් කරමින් ඇය මෙම ජයග්‍රහණය හිමිකර ගත්තා.
නෙත්මි අහින්සා මූලික වටයේදී චීන, තායිපේ ක්‍රීඩිකාවක් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර පසුව උතුරු කොරියානු ක්‍රීඩිකාව හමුවේ පරාජයට පත් වුණා.
කෙසේ වෙතත් තෙවන ස්ථානය වෙනුවන් පැවති තරගයේදී උස්බෙකිස්තාන ක්‍රීඩිකාව පරාජය කරමින් ලෝකඩ පදක්කම දිනාගන්නට ඇය සමත් වුණා.
අද දිනයේ දිවයිනට පැමිණීමෙන් අනතුරුව නෙත්මි අහින්සා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.