Published
අද දිනයේ සිට තැපැල් ගාස්තු ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව අවම තැපැල් ගාස්තුව රුපියල් පනහේ සිට හැත්තෑව දක්වා ඉහළ දැමීමට තීරණය කළ බවයි තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් අධිකාරී සම්බන්ධීකරණ විනෝදනී කාර්තිගේසු මහත්මිය පැවසුවේ.
කෙසේ වෙතත් පාර්සල් සේවාව සඳහාද පැවති මිල ගණන්ම එලෙසම ක්රියාත්මක කරන බවයි විනෝදනී කාර්තිගේසු මහත්මිය වැඩිදුරටත් පැවසුවේ.



