Published
මොරටුමුල්ල ප්රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙකු පිටකොටුව ප්රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින්. එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ මොරටුව ප්රදේශයේ පදිංචි සැකකරුවන් තිදෙනෙකු බවයි පොලීසිය පැවසුවේ.
මොරටුමුල්ල ප්රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී අදාළ පුද්ගලයා ඝාතනය කර එම මෘත ශරීරය ත්රිරෝද රථයක දමා මොරටුව පොලිස් වසමට ගෙනවිත් දැමීමේ චෝදනා යටතේ එම සැකකරුවන් එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් වැඩදුරටත් විමර්ශන ක්රියාත්මකයි.




