මෑතකදී සිදු කල ඉන්ධන මිල වැඩි කිරීම සඳහා මිල සූත්‍රය භාවිතා නොකළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු පැවසුවේ ඉන්ධන මිල සංශෝධනයේදී මිල සූත්‍රය අනුව කටයුතු නොකළ බවයි.

ලෝක වෙළෙඳපොළ තුළ සුළු උච්ඡාවචනයක් සිදුවූයේ නම් මිල සූත්‍රය අනුව කටයුතු කළ හැකි නමුත් මෙම තත්ත්වය මිල සූත්‍රය අනුව ගැලපීමට නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ වෙතත්, ඉන්ධ මිල වැඩි කරනු ලැබුවේ තෙල් මිල සූත්‍රයට අනුව බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවා.

ඒ, අද පැවැති මාධ්‍ය හමුකට එක්වෙමින්.