දකුණේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවුණා.

මාතර, ගොඩපිටියේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරීව සිටි කාලයේ දී එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබීමෙන් අනතුරුව දීර්ඝ කාලයක් ඒ මහතා රෝගාතුරව සිටියා.

මහින්ද විජේසේකර මහතා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ පියාණන් වනවා.