ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරයා වශයෙන් බාධාවකින් තොරව කටයුතු කිරීමට ඉඩ ලබා දෙන මෙන් එම පක්ෂය වෙත නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉදිරිපත් කළ තිබෙන නඩුවේ නියෝගය ප්‍රකාශ කිරීම මේ මස 17 වනදා දක්වා කල් තැබීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.

මෙම නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් එම නියෝගය ප්‍රකාශයට පත් කිරීම ලබන 17 වනදා දක්වා කල් තබන බව දිසා අධිකරණය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් තමන්ව පිළිගනිමින් දිසා අධිකරණය මගින් මීට පෙර නියෝග නිකුත් කර තිබූ බව පැමිණිලිකාර දයාසිරි ජයසේකර මහතා පවසනවා.

එම නියෝගයට අනුකූලව තමන්ට එම ධුරයේ බාධාවකින් තොරව කටයුතු කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා දයාසිරි ජයසේකර මහතා මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.