ඇමෙරිකන් මාධ්‍යවේදිනී මේරි බෲස්, ජමාල් කශෝගී ඝාතනය සම්බන්ධයෙන් සල්මාන් කුමරුගෙන් විමසූ අවස්ථාවේදී, ඔහු ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කක්ර තිබෙනවා.
ඒ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සෞදියේ සල්මාන් කුමරුන් අතරේ හමුව ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදියි.
එහිදී සල්මාන් කුමරු පැහැදිලි කළේ කශෝගී ඝාතන සිද්ධියට අදාළ වරදකරුවන් නීතියේ රැහැනට හසුවුණු බවත්, ඔවුන්ට නීතියෙන් දඩුවම් දුන් බවයි
තවද සල්මාන් කුමරු පැහැදිලි කළේ එය අවාසනාවන්ත සිදුවීමක් බවත්, ලොකු වරදක් බවයි.
මේ සම්බන්ධයෙන් කශෝගීගේ වැන්දඹුව සෞදි ජාතික හනාන් ඵලාටාර් සමාජ මාධය ඔස්සේ සෞදි කුමරුන්ට දන්වා ඇත්තේ, නම් සැමියාගේ ඝාතනය සම්බන්ධයෙන් කුමරු සමාව ගැනීමක් කළ යුතු බවයි
'මගේ සැමියා ඝාතනය කිසිම ආකාරයකින් සාධරණී කරන්න බැහැ. ලෝකයට ඔහු කවුරු වුණත්, ඔහු මගේ සැමියා. ඔහු ගෞරවණීය ලෙද රැකියාව කළ මාධ්‍යවේදියෙක්.
ඔහුගේ මතයට ගරු කරන බොහෝ දෙනකු ඉන්නවා.
නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම වෙනුවෙන් ඔහු නිරන්තරයෙන් හඬ නැගු කෙනෙක්' යැයි කශෝගීගේ වැන්දඹුව වැඩි දුරටත් පවසා තිබෙනවා
2018 වසරේදී කශෝගීගේ ඝාතනය සිදු වුයේ හනාගේ චිලාටාර්ගෙන් දික්කසාද වීම සඳහා අදාළ නීති ලියවිලි වලට අස්සන් තැබීමට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ගිය අවස්ථාවේදීය.




